Home අද රනිල්ගේ ජයග්‍රහණය තහවුරුයි – රාජපක්ෂලාගේ සහය වෙනත් අපේක්ෂකයෙකුට

රනිල්ගේ ජයග්‍රහණය තහවුරුයි – රාජපක්ෂලාගේ සහය වෙනත් අපේක්ෂකයෙකුට

1726
0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ සහාය ලබාගනු ඇති බවටත් පොදුජන පෙරමුණ කෙරෙහි ජනතාවගේ ඇති අප්‍රසාදය නැති කිරීමට කටයුතු කරනු ඇති බවටත් විපක්ෂ කණ්ඩායම් පලකළ අදහස් අසත්‍ය බවට පත්ව තිබේ.

මේ තීරණයත් සමඟ ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් සහ දේශපාලනික වශයෙන් අස්ථාවර කර තිබූ රට බාරගෙන අවුරුදු දෙකක් ඇතුළත එය යතාවත් පරිදි සැකසූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා රාජපක්ෂ විරෝධී ඡන්ද දායකයින් විශාල පිරිසක් එකතුවනු ඇති බවටත් එමඟින් ඔහුගේ ජයග්‍රහණය ස්ථිර බවටත් දේශපාලන විචාරකයින් අදහස් දක්වා තිබේ.

Previous articleවාර්තාවෙන හැම තොරතුරකින්ම NPP ඉදිරියෙන් ඉන්නේ.. – අනුර කුමාර
Next articleපොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here