Home අද පක්ෂ තීරණය නොතකා ජනපතිගේ සහායට පොහොට්ටු මැති ඇමති පිරිසක් රැස්වෙයි

පක්ෂ තීරණය නොතකා ජනපතිගේ සහායට පොහොට්ටු මැති ඇමති පිරිසක් රැස්වෙයි

1305
0

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් අද (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබෙනවා.

කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙ පැවති මෙම හමුවේදී පැමිණ සිටි පොහොට්ටු මන්ත්‍රී පිරිස තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටය.

අවස්ථාවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අද පස්වරුවේ රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට 11 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රීන් පිරිසක් විරුද්ධ වී තිබුණි.

Previous articleපොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට
Next articleපක්ෂ අතෑරලා එකතු වෙන හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here