Home අද ඉදිරි සතියේදී සජබෙට වෙන ‌දේ මහින්දානන්ද කියයි

ඉදිරි සතියේදී සජබෙට වෙන ‌දේ මහින්දානන්ද කියයි

488
0

 

සමගි ජනබලවේගයේ විශාල පිරිසක් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්නද අලුත්ගමගේ මහතා අද ගාල්ලේදී පැවසීය.

“එක්ව ජයගමු” ඒකාබද්ධ පොදුජන මහා රැළිය, අමතමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට එන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙක් කිව්වා. නමුත් අද අපි මේ ජන හමුව තියන්නේ ජනාධිපතිවරණයට පළමුවෙන්ම ඇප බැන්ද අපේක්ෂකයා සමග. ඒවගේම විශාලම පක්ෂ ගණනාවක් සහය දෙන ප්‍රබලම අපේක්ෂයා ඉන්න දිනන වේදිකාව සමගයි අපි එකතුවෙලා ඉන්නේ.

සමගි ජනබලවේග වේදීකාවේ දිනන අපේක්ෂකයෙක් නැහැ. අභියෝග බාරගන්න පුළුවන් අපේක්ෂයෙක් නැහැ. ඒවගේම මාලිමාව වේදිකාවේ රට ගොඩගන්න පුළුවන් කෙනෙක් නැහැ. රට ගොඩගන්න පුළුවන් එකම අපේක්ෂයා ඉන්නේ අපේ වේදිකාවේ.

මේ හැමෝටම මතක ඇති එදා රට තිබුණු තැන. ඒ අතීතය අමතක කරන්න එපා. කන්න නැතිව මිනිස්සු පෝලිම්වල මැරිලා වැටුණු රටක් අපිට තිබුණේ. එහෙම රටක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ගොඩ ගත්තේ. අපි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දෙ දිලා නැහැ. නමුත් රට වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව සහය දෙන්න තීරණය කළා. ඒවගේම සජිත්ගේ භාගයක්ම මේ වේදිකාවට එකතුවෙනවා. උතුරු නැගෙනහිර සහයෝගය මේ වේදිකාවට එකතුවෙනවා. රටවෙනුවෙන් සියලු බලවේග එකතුවෙලා රට ගොඩගන්න ඉදිරි වසර පහතුළත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට භාරදෙන්න කියලා කියල ඉල්ලා සිටිනවා.

Previous articleගාල්ලට පැමිණි ජනපතිට උණුසුම් පිළිගැනීමක්
Next articleමම ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා – ජනපති රටට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here