Home අද ඉශාක් රහුමාන් සජිත් සහ අනුර ගැන කළ අනාවරණය

ඉශාක් රහුමාන් සජිත් සහ අනුර ගැන කළ අනාවරණය

590
0

රට අගාධයට වැටී ඇති අවස්ථාවේදී රට භාර නොගෙන පැනගිය බතල අයියාට සහ වඩයියාට යළිත් නොරැවටෙන ලෙස සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයදීමට එක්වෙමින් ගාල්ලේදී පැවති “එක්ව ජයගමු” රැළියට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.

“රට වැටිලා තියද්දි මිනිස්සු දුක් විඳිද්දි අපි බතල අයියට කිව්වා මේක භාරගන්න කියලා. මේ රට ඇෆ්ගනිස්තානය වගේ වෙනවා ඒ නිසා මම රට භාරගන්නේ නැහැ කියලා බතල අයියා කිව්වා. ඊට පස්සේ වඩයියට කතාකළා. වඩයියත් හිටපු තැනක් නැතිව මඟහැරියා. හැබැයි අද වඩයියයි බතල අයියයි දෙන්නම කයිවාරු ගහනවා අපිට බලය දෙන්න කියලා.  වැරදිලාවත් බතල අයියටයි වඩයියටයි බලය දුන්නනම් ආයෙත් මාස 06 ක් ඇතුළත අපිට පෝලිම් වල ඉන්න වෙනවා. මහපාරේ ඉන්න වෙනවා. අවුරුදු ගානක් රටේ විදුලිය නැතිව ඉන්න වෙනවා.  ආසයි බයයි වෙලා රටක් රටක් කරන්න බැහැ. ආසාව තියෙන්නත් ඔනේ බය නැති වෙන්නත් ඔනේ. එහෙම ඉන්න නායකයෝ වෙන කවුරුත් නැහැ. එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි  එහෙමනම්යි බතල අයියට දීලා කෙලවගන්න එපා වඩයියට දීලත් කෙලවගන්න එපා පැවසීය.

Previous articleමම ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා – ජනපති රටට කියයි
Next articleවාර්තාවෙන හැම තොරතුරකින්ම NPP ඉදිරියෙන් ඉන්නේ.. – අනුර කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here