Home අද මම ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා – ජනපති රටට කියයි

මම ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා – ජනපති රටට කියයි

641
0

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(27දා) ගාල්ලේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.

“එක්ව ජයගමු” ගාල්ල ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ගාල්ල මට විශේෂිත නගරයක්. අද මම ගාල්ලට ආවේ වැදගත් දෙයක් ප්‍රකාශ කරන්න. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා දැනුම් දෙන්න. මම මේ තීරණය ගත්තේ හිතලා බලලා. මීට වසර දෙකකට කලින් මට මීට වඩා හිතලා බලන්න තිබුණා. ඒ වගකීම ගන්නවද කියලා හිතලා බලන්න තිබුණා. අගමැතිකම ගන්න වෙන කවුරුත් හිටියේ නැති නිසා 2022 මට ආරාධනා කළේ. එහෙම පසුබිමක තමයි මම මේක භාරගත්තේ. මම එහෙම භාරගත්තේ ඇයි. මොකද ඔබ සියලු දෙනා විඳපු දුක මම දැක්කා. හැමෝම පෝලිම්වල හිටියේ. ජනතාවගේ දුක දැකලා මම තීරණය කළා මේ තත්වය වෙනස් කරනවා කියලා. අවුරුදු දෙකකින් ඒක කළා. කිසි දවසක මම ජීවිතයේ අභියෝග වලින් පැනලා ගියේ නැහැ. වැඩකට අත ගැහුවොත් මම ඒක කරනවා.

බංකොලොත් භාවයෙන් පිටවන අවස්ථාවට අපි දැන් පැමිණ තිබෙනවා. මට අමාරු තීරණ ගන්න සිදුවුණා. ඒ තීරණ අපි අරගත්තා.

හැමෝගෙම ප්‍රශ්න විසදිලා නැහැ. හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒක මම දන්නවා. මේ ප්‍රශ්න අපි ටිකෙන් ටික විසදාගෙන යනවා.  අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න අපි මේ විසඳුම් කරගෙන යනවා.  පොඩි මිනිස්සුන්ට අයිතිය දෙන එක තමයි මගේ ආණ්ඩුවේ වැඩසටහන. ඔබත් පෝසත් කරලා තමයි අපි නවතින්නේ.  ආර්ථිකය හැදෙන ගමන් තියෙන්නේ . නමුත් අපි එකඟ වුණ ගිවිසුම් සමග අපි වැඩකරන්න අවශ්‍යයි. මුල්‍ය අරමුදලේ රාමුව තුළ පමණයි අපිට වැඩ කරන්න පුළුවන්. එහෙම නැතිව වෙනත් දෙයක් කියන කෙනෙක් ඉන්නවානම් ඒ බොරුකාරයෙක්. දේශපාලනය වෙනුවෙන් බොරු කියලා රට වට්ටන්න එපා.

ඒවගේම තරුණ අයටත් අනාගතයත් තිබිය යුතුයි . අපි හොද රටක් හද්නන අවශ්‍යයි. අලුත් රටත් හදන්න අලුත් ආර්ථිකයක් හදන්න අපිට බැරි ඇයි. අපි එතන්නට යන්න ඔනේ.

2048 සංවර්ධිත රටක් හදනවා කියලා කිව්වාම බොහොම දෙනෙක් හිනා වුණා. නමුත් තරුණයන්ට අනාගතයක් හැදිය යුතුයි. නිකම් සටන් පාඨ කියනවාට වඩා අපි තරුණයන්ට අනාගතයක් ලබාදිය යුතුයි. අලුත් ගමනක අපි යායුතුයි. ඒ ගමනට අපි ලැස්තියි. මම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. පටු දේශපාලනයේ ඉන්නේ නැතිව අපි අලුත් දේශපාලනයක ගමන් කළ යුතුයි. අපේ අන්තිම කාලයේ අපි අපේ යුතුකම කරන්න ලැස්තියි. මේ රට සිංගප්පුරුව වගේ දියුණු කරලා ගන්න පුළුවන්. ඒකට අවුරුදු පහක් ඇති

 

 

 

Previous articleඉදිරි සතියේදී සජබෙට වෙන ‌දේ මහින්දානන්ද කියයි
Next articleඉශාක් රහුමාන් සජිත් සහ අනුර ගැන කළ අනාවරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here