Home අද වාර්තාවෙන හැම තොරතුරකින්ම NPP ඉදිරියෙන් ඉන්නේ.. – අනුර කුමාර

වාර්තාවෙන හැම තොරතුරකින්ම NPP ඉදිරියෙන් ඉන්නේ.. – අනුර කුමාර

756
0

වාර්තාවන සියලුම තොරතුරු අනුව ජාතික ජනබල වේගය ඉදිරියෙන් සිටින බවත් තීරණාත්මක බල හුවමාරුවකට සුදානම් බවත් ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“මේ මැතිවරණ ව්‍යාපාරය ලංකාවේ තීරණාත්මකම මැතිවරණ ව්‍යාපාරය බවට පත්වේවි. ඒ මොකද මෙතෙක් ලංකාවේ දේශපාලනයේදී බලය හුවමාරු වීමේදී තීරණාත්මක බල හුවමාරුවක් සිදුවුනේ නැහැ. හැමදාම සිදුවුනේ වම් අතින් දකුණු අතට බලය හුවමාරුවෙනවා වගේ එකම කණ්ඩායමටක් අතට මේ බලය මාරු වීම. ඒ නිසා ඒ මැතිවරණ ව්‍යාපාර ඒ තරම්ම ත්‍රීවර මැතිවරණ ව්‍යාපාර බවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාර ගැටුම්කාරී මැතිවරණ ව්‍යාපාර බවට පත් වුණේ නැහැ.  නමුත් අපි දන්නවා මෙවර මැතිවරණ ව්‍යාපාරය තීරණාත්මක මැතිවරණ ව්‍යාපාරයක් බවට පත්වෙනවා. මොකද මෙතෙක් ඔවුන් හිතුවේ ඔවුන් අතේ මේ බලය හුවමාරුවෙමින් පවතීවී කියලා. වෙනත් බල කණ්ඩායමකට බලය ලබාගැනීමට කවදාවත් නොහැකි වේවි කියලා ඔවුන් විවෘතව කල්පනා කළා. හැබැයි හරිම පැහැදිලියි. දැනට වාර්තාවන සෑම තොරතුරක් සමීක්ෂණයක් හරහාම ජාතික ජනබලවේගය ඉදිරියෙන්ම ඉන්නවා. ඒ නිසා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ත්‍රීවරතම බලහුවමාරුවීමේ  මැතිවරණය බවට පත්වෙනවා. හැබැයි ඒ බල හුවමාරුවේදී ජාතික ජනබල වේගයේ අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලෙස පවතින නීති රාමුවට යටත්ව සාමකාමීව මේ මැතිවරණය පවත්වාගැනීම සඳහා අපේ පැත්තෙන් දෙන කැපවීම අපි උපරිමයෙන් පෙන්වන්න සූදානම් . අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලෙස ජනතා මතය ප්‍රකාශයට පත්කිරීමට සලස්වන්න. නමුත් අනේක් පාර්ශවයන් මේ තත්වයන් ආරක්ෂාකරගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා වෙනුවට කලබල ඇතිකිරීමේ උවමනාවක් තිබෙන බව පැහැදිලියි. මැතිවරණය පැවැත්වීමේ ප්‍රධාන වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා. මේ නිසා රටේ ඔනෑම තැනක සිදුවන මැතිවණ දුෂණ වාර්තා කිරීමේ මධ්‍යස්ථානයක් අපි විවෘත කරනවා” යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.

Previous articleඉශාක් රහුමාන් සජිත් සහ අනුර ගැන කළ අනාවරණය
Next articleරනිල්ගේ ජයග්‍රහණය තහවුරුයි – රාජපක්ෂලාගේ සහය වෙනත් අපේක්ෂකයෙකුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here