Home අද ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

454
0

 

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද(26දා) සිට සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

 

Previous articleඅපේ සහාය රනිල්ට – පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් මහින්දට කියයි
Next articleඅනුරගේ තවත් පචයක් අතේ පත්තු වෙයි – හරීන් ලිපියකින්ම පිළිතුරු දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here