Home අද අපේ සහාය රනිල්ට – පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් මහින්දට කියයි

අපේ සහාය රනිල්ට – පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් මහින්දට කියයි

787
0

ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ දැනුම් දී තිබේ.

කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවී ඇති අතර මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනම⁣ට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවයි

Previous articleජනපති සටනට දින නියම වෙයි
Next articleජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here