Home අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා බව ප්‍රසන්න කඩවත රැළියේදී යෝජනා කරයි.! ඒකමතිකව තීන්දුයි!

රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා බව ප්‍රසන්න කඩවත රැළියේදී යෝජනා කරයි.! ඒකමතිකව තීන්දුයි!

987
0

පොදු අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(21දා) කඩවතදී යෝජනා කළ අතර එය ඒකමතිකව සම්මත විය.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්විමට තමා යෝජනා කරන බව ජනහමුව අමතමින් ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එහිදී පැමිණිසිටි සියලු දෙනා අත් ඔසවා එම යෝජනාව ස්ථීර කරන ලදී.

ජනාධිපතිතුමනි ඔබතුමා ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්විම අපේ බලාපොරොත්තුවයි. ඔබතුමා ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට මේ ගම්පහ දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද තුන් ලක්ෂ හැටපන්දහසකින්. ඒහා සමාන ගණනකින් සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා ඔබතුමාව ඉහළම පුටුවෙ තියන්න කළගුණ සලකන්න අපි කටයුතු කරනවා කියලා මතක් කරන්න කැමතියි. අපි ආරාධනාවක් කරනවා ඔබතුමාට ඊලඟ ජනාධිපතිවරණයට ඔබතුමා තීන්දුවක් ගතයුතු අවස්ථාවක් . ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හැටියට අපි ඔබතුමාට කරන ආරාධනාව තමයි අපි මෙතන යෝජනා සම්මතයක් කරන්න බලාපොරොත්තු වෙනවා . මම යෝජනා කරනවා ඉදිරි ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියලා. මේ යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා ජනාධිපතිතුමනි. මුලු සභාවම අත උසවලා කැමැත්ත පළකලා. ඒ නිසා දැන් ගැලවීමක් නැහැ ඔබතුමාට” යනුවෙන් සඳහන් කළේය.

අද (21දා) ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේදී  ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, සියලුදෙනා දෑත් ඔසවා එය ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.

ප්‍රසන්න රණතුංග මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයාද වනවා.

Previous articleආරාධනාවට නියම වෙලාවට පිළිතුරු දෙන්නම් – ජනපති
Next articleනාමල් රාජපක්ෂ හරිම ජවසම්පන්නයි.! – සනත් නිශාන්තගේ බිරිඳ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here