Home අද සහල් මිල පහළට

සහල් මිල පහළට

2411
0

කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25 කින් පහළ දැමීමට සාපේක්‍ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීමත් සමඟ සහල් නිෂ්පාදන පිරිවැය පහළ ගිය බව කී සේමසිංහ මහතා එම වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.

රුපියල් 210ක පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200කට අඩු මිලකට ගෙන ඒමට උත්සහ කරන බවත් ඉදිරි සතිය තුළ සහල් මිල අඩු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

Previous articleහොරු අල්ලනවා කියපු මාලිමාව කලු සල්ලි සුදු කරන හැටි කියාදෙයි
Next articleහිඟුරක්ගොඩ ජාත්‍යන්ර ගුවන් ‌තොටුපොළේ සංවර්ධන කටයුතු අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here