Site icon Newshub

සහල් මිල පහළට

කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25 කින් පහළ දැමීමට සාපේක්‍ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීමත් සමඟ සහල් නිෂ්පාදන පිරිවැය පහළ ගිය බව කී සේමසිංහ මහතා එම වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.

රුපියල් 210ක පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200කට අඩු මිලකට ගෙන ඒමට උත්සහ කරන බවත් ඉදිරි සතිය තුළ සහල් මිල අඩු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

Exit mobile version