Home අද රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

1198
0

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවය.

මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ දමන අතර, පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිතය.

ප්ලේන් ටී එකක් රුපියල් 5කි අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

Previous articleජූලි අවසන් වීමට පෙර ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කරනවා – මැතිවරණ කොමිෂන් සභාව
Next articleබදුල්ලේ දරුවන්ටත් ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here