Home අද ආණ්ඩුව ගැන ජනතා ප‍්‍රසාදය තුන් ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්‍ෂණය...

ආණ්ඩුව ගැන ජනතා ප‍්‍රසාදය තුන් ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්‍ෂණය හෙළිකරයි

818
0

දැනට මාස හතරකට පෙර තත්ත්වය හා සසඳන විට රජයේ වැඩපිළිවෙළ එදා මෙන් තුන් ගුණයකට වඩා පිරිසක් අනුමත කරමින් කර ඇති බවට වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා.

No description available.

 

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ 7%ක අගයෙ 24%ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇත.

වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගී වූවන්ගෙන් 28%ක ප්‍රතිශතයක් වර්ගකර තිබෙන අතර එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු 9%ක අගයට වඩා තුන් ගුණයකින් ඉහළ යාමකි.

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස 30%කි. 2024 පෙබරවාරි මාසයේ එසේ සිතා ඇත්තේ 9%ක පිරිසක් පමණි.

2024 ජූලි මාසයේ දැනගත හැකි මෙම ධනාත්මක පෙරළිය 2023 ජූනි මාසයේ පැවැති මට්ටම හා සමාන වනවා මෙන්ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ දළ වේග 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතා ඇත්තේ 2023 ජුනි මාසයේ බවද මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කර තිබෙනවා.

Previous articleඅපේ රජය ආවම උදේට පත්තර කියවන මාධ්‍යවේදීන් ගැන බලාගන්නම් – වසන්ත
Next articleසල්ලි ‌දීලා like දාගන්න අනුර?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here