Home අද සල්ලි ‌දීලා like දාගන්න අනුර?

සල්ලි ‌දීලා like දාගන්න අනුර?

13178
0

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් තුළ ප්‍රසාදය වැඩිකර ගැනීම සඳහා (like , love  care wow වැනි ප්‍රතිචාර දැක්වීම් ) මුදල් ගෙවා ප්‍රසාදය වැඩිකරගැනීම සිදුකරන බව අනාවරණ වී ති‌බේ.

අනුර කුමාර මහතාගේ නිල ෆේස් බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී මේ බව තහවුරු වන අතර වැඩි වශයෙන් ශ්‍රී ලංකික නොවන විදේශික නම් ඇති පිරිස් ඔහුගේ සමාජ මාධ්‍ය ප්‍රකාශ වෙත  ප්‍රතිචාර දක්වා ඇති බව පෙනී යයි. ඔවුන්ගේ මෙම ගිණුම් පරික්ෂා කරබැලීමේදී මේවා ව්‍යාජ ගිණුම් ලෙස සකසා ඇති බවද අනාවරණය වී ඇති බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝද අදහස් ප්‍රකාශ කර තිබුණි.

මීට පෙර ධුරයෙන් එළවා දැමු ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනතා ප්‍රසාදය අඩුවන විට සමාජ මාධ්‍ය තුළ මුදල් ගෙවා ප්‍රසාදය වැඩිකරගැනීමට යොමුව තිබුණු බව එකළ අනාවරය විය. අනුර කුමාර දිසානායක මහතාද එම ක්‍රමයම අනුගමනය කිරීමට යොමුව ඇති බව සමාජ මාධ්‍ය විශේලේෂකයෝ පෙන්වා දෙති.

එමෙන්ම මේවනවිට ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහ සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා ප්‍රසාදය අඩුවෙමින් පවතින අතර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ජනතා ප්‍රසාදය වැඩිවෙමින් පවතින බවට සියලු සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇති බව ට පුවතක් පසුගිය සතියේදී වාර්තා විය. අනුර කුමාර දිසානායක මහතා  පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කළ අතර එම සමීක්ණ වාර්තා ප්‍රතිඵල පිළිබඳ දැනුවත් වීමෙන් පසුව මෙය සිදුකරන්නට ඇති බවද විචාරකයෝ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර වෙරිටේ ආයතනය මගින් සිදුකළ සමීක්ෂණය මගින්ද රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් වැඩිවි ඇති බව ප්‍රකාශ කර තිබුණි

 

Previous articleආණ්ඩුව ගැන ජනතා ප‍්‍රසාදය තුන් ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්‍ෂණය හෙළිකරයි
Next articleජූලි අවසන් වීමට පෙර ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කරනවා – මැතිවරණ කොමිෂන් සභාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here