Home අද අපේ ජනාධිපති අපේක්ෂකයා ගැන මීලඟ රැළියේදී කියනවා

අපේ ජනාධිපති අපේක්ෂකයා ගැන මීලඟ රැළියේදී කියනවා

848
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ  මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් දිනුම රටට එක්ව පෙරට තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තෙවැන්න බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහත්වරු රැළිය සංවිධාන කර තිබුණි.

මෙම රැළියට සහභාගී වූ  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු අදහස් පළ කළහ.

 

රටේ ස්ථාවරභාවය සහ ආර්ථික වර්ධනය සිදුකළ හැකි රට ඉදිරියට ගෙනයාහැකි අපේක්ෂකයෙකුට සහය දීමට කටයුතු කරන බව මෙම නව සංධානය ආරම්භයේ සිටම ප්‍රකාශ කර තිබුණි.

 

Previous articleවිවාදය මඟහැරිය සජිත්ට අනුරගෙන් තවත් අභියෝගයක්
Next articleඅලුත්වෙන විදුලිබලයට ඇමරිකානු ඩොලර් මිලියන 100ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here