Home අද තරඟාවලි අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමාජ මාධ්‍ය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී...

තරඟාවලි අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමාජ මාධ්‍ය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට තහනම්

24141
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරගාවලී අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට නැරඹීම ඇතුළු ක‍්‍රියාවන්හි යෙදීම තහනම් කර තිබෙනවා.

ඒ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හඳුන්වා දී ඇති නව නීති හා මාර්ගෝපදේශ අනුවයි. මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය හා ක්‍රිකට් විනය වෘත්තීය භාවය රැක ගැනීම වෙනුවෙන් බව වාර්තා වනවා.

එහිදී ක්‍රීඩක ඇඳුම් පැළඳුම් ගමන් බිමන් හා සමාජ මාධ්‍ය භාවිතය ගැන දැඩි අවධානය යොමු කර ඇති අතර කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ඡායාරූප ගැනීමේදී කමිසය කලිසම හා බ්ලේසරය පැළඳීම අනිවාර්ය කර තිබේ.

තරග වලදී කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම සහ මාධ්‍ය සාකච්ඡා වැනි අවස්ථාව වෙනුවෙන් ක්‍රීඩා ඇඳුම පැළඳීම අනිවාර්ය කර ඇති අතර සෙරෙප්පු සහ කොට කලිසම් ඇඳීම තහනම් කිරීමටද කටයුතු කර තිබෙනවා.

ක‍්‍රීකට් ආයතනයේ අවසරයක් නැතුව ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සමාජ මාධ්‍ය වෙත අදහස් ලබාදීමද තහනම් කර තිබේ. පුහුණුවීම් කරන අවස්ථාවේදී ජංගම දුරකථන භාවිතය ද තහනම් කර ඇති අතර සංචාරයන් අතරවාරයේදී ක්‍රීඩක පෞද්ගලික කළමනාකරුවන් හමුවීම හා ඔවුන් කණ්ඩායම් රැස්වීම් සඳහා සම්බන්ධ කරගැනීමට ද සීමා පනවා ඇත.

Previous articleමූසලයො අතෑරලා අපි ළඟට ආවා විතරයි රනිල් ජනාධිපති උනා – චාමර සම්පත්
Next articleහොර හරක් හොම්බෙන් අල්ලගන්න ධම්මිකගෙන් අලුත් ඇප් එකක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here