Home අද අලුත්වෙන විදුලිබලයට ඇමරිකානු ඩොලර් මිලියන 100ක්

අලුත්වෙන විදුලිබලයට ඇමරිකානු ඩොලර් මිලියන 100ක්

492
0

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් අනුමත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන බලශක්ති විශේෂඥයෙකු වන ජේම්ස් කොලන්තරාජ් ප්‍රකාශ කරන පරිදි මෙම ආධාර වැඩසටහන මෙරට නව පනතට අනුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට මෙන්ම නියාමන කටයුතුවලට විදුලිබල ක්ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ලබාදී ඇති සහය දැක්වීමකි.

එමෙන්ම මෙම ආධාර වැඩසටහන මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම තිරසාර හරිත බලශක්ති උත්පාදනය වෙනුවෙන් සංක්‍රමණය වීමටද සහාය වනු ඇති බව කොලන්තරාජ් මහතා සඳහන් කරනවා.

එලෙසම මෙම ආධාර වැඩසටහන මගින් විදුලිබල ක්ෂේත්‍රයේ බිහිවන නව ආයතන ස්ථාපනය කිරීමටත් ඒවා නියාමනයටත් නව ගාස්තු ක්‍රමය සහ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු සම්බන්ධ ජාතික ප්‍රතිපත්තික් නිර්මාණය කර වියදම් නිරූපණය වන අයක්‍රමයක් නිර්මාණය කර මූල්‍ය ශක්තිය ස්ථාවර කර ගැනීමටත් මහෝපකාරී වනු ඇති බවත්පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන වේගවත් කිරීමට මෙන්ම ඒ හරහා 2023- 2030 පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කය සපුරා ගැනීමටද මෙම ආධාර උපකාරී වන බව හෙතෙම ප්‍රකාශ කරයි.

එමෙන්ම කුඩා විදුලිබල උත්පාදනය ව්‍යාපෘති වෙනුවෙන් සහ වහල මත ඉදිවන සූර්ය පැනල වෙනුවෙන් වන විදුලිය මිලදී ගැනීමේ අයක්‍රමය වරින්වර යාවත්කාලීන කිරීම, ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය එක්කරගැනීමේ අවකාශය පුළුල් කිරීම හා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමමෙම ආධාර වැඩසටහන සඳහා වූ මුලපිරීමක් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

Previous articleඅපේ ජනාධිපති අපේක්ෂකයා ගැන මීලඟ රැළියේදී කියනවා
Next articleමූසලයො අතෑරලා අපි ළඟට ආවා විතරයි රනිල් ජනාධිපති උනා – චාමර සම්පත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here