Home අද වැඩි පිරිසකට EPF දෙන්න අලුතෙන් පනතක්

වැඩි පිරිසකට EPF දෙන්න අලුතෙන් පනතක්

1144
0

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විශ්‍රාම ‌වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් 1958 අංක 15 දරන සේවක අථසාධක අරමුදල් පනත මඟින් සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත.

වත්මන් සමාජ-ආර්ථික වෙනස්කම් වලට අනුරූපීව පනත මඟින් ආවරණය කරනු ලබන සාමාජික සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සහ සාමාජිකයන්ට ගුණාත්මක හා කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා වර්තමානයට ගැලපෙන අයුරින් එකී පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

Previous articleජනාධිපතිවරණය මේ වසරේදී අනිවාර්යයෙන් පැවැත්විය යුතුමයි.! – ජනපති අවධාරණය කරයි
Next articleඅත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here