Home අද පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ජා සාර්ථකයි.! දැවැන්ත ණය කපා හැරීමක් ඇතුලු...

පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ජා සාර්ථකයි.! දැවැන්ත ණය කපා හැරීමක් ඇතුලු වාසි රැසක් ශ්‍රී ලංකාවට

1473
0

 

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරීත්ව බැදුම්කර හිමියන් සමඟ මාස ගණනාවක් පුරා පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා අවසන් කරමින් අවසන් එකඟත්වයකට පැමිණ ඇති බව bloomberg පුවත් සේවය වාර්තා කලා.

ඇමරිකානු ඩොලර් බිලියන 12 ක පමණ ස්වෛරීත්ව බැදුම්කර ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික ණය හිමියන් විසින් සිය එකඟත්වය පලකර ඇත.

28% හෙවත් දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.3ක් ඉක්මවූ ණය කපාහැරීමක්ද මෙම ගිවිසුමට ඇතුලත්වනු ඇතැයි බ්ලුම්බර්ග් වෙබ් අඩෙවිය වාර්තා කලා.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළදී ශ්‍රී ලංකාව සිය සම්පූර්ණ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් කරනු ලබන අතර ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ප්‍රවේශවීමේ හැකියාවද නැවත හිමිවනු ඇත.

 

Previous article“තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න” – ජනපති ගුරුවරුන් ට සැරවෙයි
Next articleජනාධිපතිවරණය මේ වසරේදී අනිවාර්යයෙන් පැවැත්විය යුතුමයි.! – ජනපති අවධාරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here