Home අද දකුණු කොරියාව ලංකාවට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

දකුණු කොරියාව ලංකාවට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

598
0

ශ්‍රී ලංකාවේ සංචාරය කරන දකුණු කොරියානුවන් වෙත නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම දෙවැනි මට්ටමේ සිට පළමු වැනි ස්ථානය දක්වා නම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම ලිහිල් කිරීම ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පවතින නව ආරක්ෂක සහ සෞඛ්‍යය මට්ටම මත එරට සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කොට තිබෙන බව දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ අතර සංචාරක අනතුරු ලිහිල් කිරීමත් සමඟ කොරියානු සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එරට විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Previous articleජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? – ජනපති
Next articleජිවිතේ එපා වූ රොබෝ දිවි නසා ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here