Home අද පොහොට්ටුවට තාම අපේක්ෂකයෙක් නෑ – නායකයින් බිහිවන්නේ ජනතා අතරින්

පොහොට්ටුවට තාම අපේක්ෂකයෙක් නෑ – නායකයින් බිහිවන්නේ ජනතා අතරින්

1375
0

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා එසේ පැවසූවේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු ජන එක්සත් පෙපෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි .

එහිදී පොදු ජන එක්සත් පෙරමුණ තවමත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු තෝරා ගෙන නොමැති බව ද පැවසීය .

මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බෙයිජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට ” සහභාගී වීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ මෙලෙස අදහස් දැක්වීය .

මෙම සංවත්සර උළෙල ජූනි 28 දින චීනයේ බෙයිජිං නුවර මහජන ශාලාවේ පවත්වා තිබුණි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී මැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් , එම සාකච්ඡා සාර්ථක බවත් චීන රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත් යහපත් ස්ථාවරයක පසු වන බවත් පැවසීය .

Previous articleනිදහස් පක්ෂයට‌ තවත් අධිකරණ නියෝගයක්
Next articleජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here