Home අද රට ගලවාගත් හැටි ජනපති පාර්ලිමේන්තුවට දැනුම්දෙයි – සමහර අයගේ ඇගේ ඉත්තෑවො...

රට ගලවාගත් හැටි ජනපති පාර්ලිමේන්තුවට දැනුම්දෙයි – සමහර අයගේ ඇගේ ඉත්තෑවො දිව්වා

1015
0

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද(02දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වන අතර එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බව ජනාධිපතිවරයා සඳහන් කළේය’

කිසිදු කැපකිරීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවට බොහෝ දෙනා යෝජනා කළත් එය ප්‍රායෝගික නොවන අතර ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එවැන්නක් සිදුකළ නොහැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය

මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් සිදු ‍කර නොමැති බව ඇතැමුන් චෝදනා කළත්, නිල ද්වීපාර්ශ්වික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු නොකරන අතර සහන ලබා ගත හැකි වන්නේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාලසීමා, පොළී අනුපාත අඩු කිරීම් ආදියෙන් බව ජනාධිපතිවරයා පැවසීය

ඇතැමුන් තමන් බලය ලබා ගතහොත් මූලික ණය මුදලින් 50%ක් කපා හැරීමට ණය හිමි රටවල් සමඟ සාකච්ඡා කරන බව පැවසුවත් එම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය

ඇතැමුන් තමන් බලය ලබා ගතහොත් මූලික ණය මුදලින් 50%ක් කපා හැරීමට ණය හිමි රටවල් සමඟ සාකච්ඡා කරන බව පැවසුවත් එම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (02)  විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය

මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම ඔස්සේ යමින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙන ආකාරය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නේය

ණය ප්‍රතිව්‍යුහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ණය හිමියාට හෝ ණය ගැතියාට නොවන අතර ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානය විසින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක ණය තිරසරභාවය ඇති කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යුහගත සැලැස්ම තීරණය කරන්නේද IMF සංවිධානය බවද සඳහන් කළේය

මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම්ලාභී රටවල් අතරින් එකක් බවට ශ්‍රී ලංකාව පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය

මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් හිමිවීම, පොළී අනුපාතය 2.1% ක හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගෙන යාම, ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීම සඳහා 2043 වසර දක්වා කාලය ලැබීම, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරණ නිල ණය හිමි කමිටුව සහ චීන එක්සීම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවයන් අතර තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය

 

 

 

 

Previous articleසාගරට ප්‍රසන්නගෙන් කුණු බැනුම්
Next articleලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here