Home අද අනු­රට ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා පඩි වැඩි කරන්න තිබුණා – මනූෂ

අනු­රට ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා පඩි වැඩි කරන්න තිබුණා – මනූෂ

1065
0

තව පෝය තුන­කින් අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­පති වන්නේ නම් ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා ගුරු වැටුප් වැඩි කිරී­මට ඔහුට හැකි බවත්, ජනතා විමුක්ති පෙර­මුණ මෙසේ කට­යුතු කරන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ මිස මහ පොළොවේ ජනා­ධි­පති වීමට අනුර කුමාර දිසා­නා­ය­කට කිසිදා නොහැකි වීම හේතු­වෙන් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක­කාර පවසනවා.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ 29 වැනිදා මඩ­ක­ල­පු­වේදී පැවැති මාධ්‍ය වැඩ­මු­ළු­ව­කට සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“සමඟි ජන බල­වේ­ගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රී­ව­ර­යාගේ හැසි­රී­මෙන් සජිත් ප්‍රේම­දාස වැට්ට­වීමේ සැලැ­ස්මක් හෙළි වෙනවා. ආර්ථික විශේ­ෂ­ඥ­යකු වුවත් රටට සුබ ආරංචි එන මොහොතේ හර්ෂ ද සිල්වා මන්ත්‍රී­ව­රයා කට­යුතු කරන්නේ රට වැට්ට­වී­ම­ටයි.

මේ රට බංකො­ලොත් වෙලා තිබූ රටක්. මේ රට තෙල්, ගෑස්, කෑම බීම, බෙහෙත් නැතුව වැටිලා තිබූ රටක්. අපේ රටේ ඩොලර් ප්‍රශ්න­යක් තිබුණා. ඒ ප්‍රශ්නෙත් එක්ක අපට තිබුණ ණය ගෙවා­ගන්න බැරි වුණා. ඒ නිසා අපි විසින්ම ප්‍රකා­ශ­යට පත් කළා අපි මෙතැ­නින් පස්සේ ණය ගෙවන්නේ නෑ කියලා. ණය ගෙවන්නේ නැති වුණාම අපි බංකො­ලොත් රාජ්‍ය­යක් බවට පත් වුණා.

පහු­ගිය සතිය වෙන­කොට අපට ඒ ණය ගෙවීමේ හැකි­යාව ගැන තිබූ ගැට­ලුව පිළි­බ­ඳව සාකච්ඡා කර, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මැදි­හත් වෙලා ඒ වෙනු­වෙන් කරන්න ඕන සාකච්ඡා රැසක් කර අව­සා­නෙදී 26 වැනිදා වෙන­කොට ගිවි­සු­ම්ගත වෙන්න අපට පුළු­වන් වුණා. ඒ එක­ඟ­තාව නිසාම චීන එක්සිම් බැංකු­වත් අපත් සමඟ ගිවි­සු­ම්ගත වුණා.

ජපා­නය අපට සහ­යෝ­ගය දෙන්න සූදා­නම් බව දැන­ට­මත් ප්‍රකාශ කර තියෙ­නවා. දැන් රට ඉස්ස­ර­හට යන්න පුළු­වන් තත්ත්ව­යට ඇවිත් තියෙ­නවා. ඒක රට­ටම සුබ ආරං­චි­යක්. මේ රටේ ජාති, කුල­මල, ආගම් භේද­ය­කින් තොරව රට වැටුණු තැන ඉඳලා ගොඩ එනවා කියන එක මේ රටේ හැම මනු­ස්ස­ය­කු­ටම සුබ ආරං­චි­යක්.

ඒ සුබ ආරං­චි­යට මුලින්ම රනිල් වික්‍ර­ම­සිංහ මහතා IMF එකට යනවා කිව්වම ආර්ථික විශේ­ෂ­ඥ­යන් වූ හර්ෂ ද සිල්වා කිව්වා IMF එකට රනිල් ගියාට වැඩක් නෑ කියලා. ජනතා විමුක්ති පෙර­මුණ කිව්වා IMF එකට රනිල් ගියාට වැඩක් නෑ, රනිල් වික්‍ර­ම­සිං­හට ජන­ම­ත­යක් නෑ, රනිල් වික්‍ර­ම­සිංහ ඉන්නේ පාර්ලි­මේ­න්තුවේ අනු­ප්‍රා­ප්තික ජනා­ධි­ප­ති­ව­ර­යෙක් හැටි­යට කියලා. ජන­ම­ත­යක් නැති ආණ්ඩු­ව­කට IMF සහ­යෝ­ගය දෙන්නේ නෑ කිව්වා. එහෙම තමයි පළ­වෙ­නි­යෙන්ම රට ඇතුළේ ජන­ම­ත­යක් හැදුවේ මේ රටට IMF සහ­නය හම්බ­වෙන්නේ නෑ කියලා.

සාකච්ඡා ඉස්ස­ර­හට කර­ගෙන යද්දී ගිවි­සුම අත්සන් කරන්න සූදා­නම් වෙන­කොට කියන්න පට­න් ගත්තා මේ අයට ජන­ම­ත­යක් නෑ කියන එක. ඒක පෙන්නන්න උද්ඝෝ­ෂණ කළා. IMF වාරි­කය හම්බ වෙන්න දවස් කිහි­ප­ය­කට පෙර වෘත්තීය සමිති 40ක් ගෙනල්ලා උද්ඝෝ­ෂ­ණ­යක් පට­න්ගත්තා. මේක පට­න් ගත්තේ මාර්තු මාසේ 15 වෙනිදා. හැබැයි මැයි මාසෙ 22 පළමු වාරි­කය හම්බ වුණාම, පළමු­වෙනි ගිවි­සු­මට ආවම උද්ඝෝ­ෂ­ණත් නතර වුණා. මේක තමයි රටට සුබ ආරං­චි­යක් එන­කොට වළ­ක්වන්න හදන විදිහ. ඊට අම­ත­රව ජාත්‍ය­න්ත­ර­යට කියන්න උත්සාහ කළා,රට ඇතුළේ ජන­ම­ත­යක් එක­ඟ­තා­වක් නෑ, මේක කරන්න බෑ කියන එක.

රට ඇතු­ළ­ටත් ඒ විදි­හ­ටම කියන්න පට­න් ගත්තා. හැබැයි IMF සංවි­ධා­නය වගේම වෙනත් රට­ව­ලුත් මේ වෙනු­වෙන් කළ යුතු දේ කරන්න පට­න් ගත්තා. පසු­ගිය 26 වෙනිදා මේ පණි­වි­ඩය සුබ ආරං­චි­යක් කියලා කිය­න­කොට සමඟි ජන බල­වේ­ගය එළි­යට බැස්සා. කොහො­මද එහෙම වෙන්නේ, ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය වෙන්නේ බංකො­ලො­ත්භා­ව­යෙන් නිද­හස් වෙන්නේ කොහො­මද කියලා බර­ප­තළ විදි­හට, කුහක විදි­හට මාධ්‍ය­යට ඇවිල්ලා කෑග­හන්න පට­න් ගත්තා. ටික දව­ස­කට පස්සේ හර්ෂ ද සිල්වා ආයෙත් ඇවිල්ලා කිය­නවා මේක කර­ගත්ත එක හොඳයි, ඒ වුණාට අපට මේක පිළි­ගන්න බෑ කියලා. තාක්ෂ­ණික කරුණු ගැන බොහෝ සෙයින් කිය­නවා.

මේ උත්සාහ කරන්නේ මේ ලැබුණු ජය­ග්‍ර­හ­ණ­යෙන් ඉස්ස­ර­හට යන්න හදන එක වළ­ක්වන්න. ජපාන තානා­ප­ති­ව­රයා පැහැ­දි­ලි­වම ප්‍රකාශ කර­නවා ලංකාව ලබා ගත් ප්‍රග­ති­යට සුබ පත­නවා, ලංකාව ඉස්ස­ර­හට ගෙන යන්න අපි සහ­යෝ­ගය දෙනවා කියන එක. ජපා­නය නතර කරල තිබූ ගුව­න්තො­ටු­පොළේ සංව­ර්ධන කට­යුතු, සැහැල්ලු දුම්රිය සේවය යළි පට­න්ග­න්නවා කියලා ප්‍රකා­ශ­යට පත් කර­නවා. නමුත් ලංකාවේ ආර්ථික කමි­ටු­වල ඉන්න විශේ­ෂ­ඥ­යන් කියන මුදල් කාරක සභාවේ සභා­පති වූ හර්ෂ ද සිල්වා කිය­නවා එහෙම ජපානේ කිව්වට අපට ගිවි­සුම බලන්න ඕන, ඒක අර කමි­ටු­වට දාන්න ඕන, ඒක බලලා මිසක් පාර්ලි­මේ­න්තුවේ සහ­යෝ­ගය දෙන්නේ නෑ වගේ කතා.

ජපා­නෙත්, එක්සිම් බැංකු­වත්, පැරිස් සමා­ජ­යත් එකඟ වුණාට පස්සේත් අපේ රටේ ආර්ථික විශේ­ෂ­ඥ­ය­න්ටයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ කතා කියලා, මත හදලා හර්ෂ ද සිල්වා ආර්ථික කමි­ටුව ඇතු­ළෙම යන එන මං නැති කර­ග­න්නවා. මේ හරහා සජිත් ප්‍රේම­දාස වට්ට­වන සැලැ­ස්මක් ද ක්‍රියා­ත්මක කර­නවා. මේ සමඟි ජන බල­වේ­ගයේ මතය ප්‍රකාශ කරන්නේ. මෙහෙම කළාම ජන­තාව විරු­ද්ධයි. රටේ ජන­තාව සුබ ආරං­චි­යක් එන­කල් බලා­ගෙන ඉන්න­කොට, ඒකට විරු­ද්ධව මත පළ කර­න­කොට සමඟි ජන බල­වේ­ගයේ ආර්ථික කමි­ටුවේ කෙනෙක් මෙහෙම කිය­න­කොට ඒක පක්ෂ­යට සජිත් ප්‍රේම­දා­සට හානි­යක්. සජිත් ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­කම ගන්න බෑ කිය­න­කොට, හර්ෂ ද සිල්වා කිය කිය හිටියා හා මම ගන්නම් අග­මැ­ති­කම කියලා. එහෙම යට සැලැ­ස්මක් තියෙ­න­වාද දන්නේ නෑ. සජිත් ප්‍රේම­දාස වට්ටලා ඉස්ස­ර­හට එන්න වුව­ම­නා­වක් තියෙ­න­වාද කියලා. ඒ ගැන අපට දැන් සැක­යක් තියෙ­නවා.

එත­කොට ජනතා විමුක්ති පෙර­මුණ 26 වැනිදා මේ සුබ ආරං­චිය එනවා කියලා දැන­ග­න්න­කො­ටම ගුරු­ව­රුන් ගෙනාවා පාරට. ගුරු­ව­රුන් ප්‍රමා­ණ­යක් පාරට ගෙනල්ලා, උද්ඝෝ­ෂ­ණය කරලා 10,000ක් පාසල් වැහුවා කියලා බොහොම සන්තෝ­සෙන් කිව්වා. නමුත් උතුරු නැඟෙ­න­හිර පාසල් වැහුනෙ බොහොම අඩු­වෙන්. මේ පළා­ත්වල මිනිස්සු ඒ අය කියන දේ අහන්නේ නෑ. දරු­වන්ගේ අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් කරලා, ජෝසප් ස්ටාලින් පෙරේදා හෝ එවැනි දව­සක මඩ­ක­ල­පු­ව­ටත් ආවා. ඇවිල්ලා හෝට­ලේක බොහොම සන්තෝස වෙලා හිටියා කියලා ආරං­චියි, 10,000ක් පාසල් වහපු එකට. පාසල් දරුවෝ ඉස්කෝලේ නොය­වපු එකට. ඒ සන්තෝ­සෙට මඩ­ක­ලපු­වට ඇවිල්ලා සතුටු සප්පා­යම් වුණා කියලා අපට ආරං­චියි.

ඒ අය ගුරු­ව­රුන් පාරට බස්සලා, රටට එන්න තියෙන සුබ ආරං­චිය වළ­ක්වන්න, රටට එන්න තියෙන දේ කඩා­ක­ප්පල් කරන්න උත්සාහ කළා. මේ අය නියෝ­ජ­නය කරන්නේ ජවිපෙ. ඒ අය තමයි මේ උද්ඝෝ­ෂණ පිටි­පස්සේ ඉන්නේ. එත­කොට ජවිපෙ විශ්වාස කර­නවා නම් තව පෝය තුන නම් අපි රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­පති විදි­හට ඉන්නේ ඊට පස්සේ. අනුර කුමාර දිසා­නා­යක මේ රටේ ජනා­ධි­පති වෙනවා නම් (ෆේස්බුක් එකේ) ඇයි දෙයි­යනේ ගුරු­ව­රුන් ටික පාරට බැස්සුවේ. ගුරු­ව­රුන් ටික මාස තුනක් ඔහොම තියන් ඉඳලා දරු­වන්ගේ අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් කරන්නේ නැතුව කැමති ගාණට ගුරු­ව­රුන්ට පඩි වැඩි කරන්න තිබු­ණනේ. එහෙම නොකර ඇයි පාරට බැහැලා දරු­වන්ගේ අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් කරන්නේ. මොකද ඒ අය දන්නවා, ෆේස්බුක් එකේ ජනා­ධි­පති වුණාට අනුර කුමාර දිසා­නා­ය­කට මහ පොළොවේ ජනා­ධි­පති වෙන්න බෑ කියලා.”

Previous articleපාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි
Next articleජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here