Home අද ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

1355
0

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහාවූ යෝජනා සම්මතය හෙට (2) අනිද්දා (3) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පවසනවා.

එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී 02 දින පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව බවද නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේය

මේ අනුව විවාදය හෙට (2) අඟහරුවාදා උදේ 9.30ට ආරම්භ වී සවස 5.00 දක්වා පැවැත්වෙන අතර යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අනිද්දා (3) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබාදීමේ අරමුණින් මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

Previous articleඅනු­රට ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා පඩි වැඩි කරන්න තිබුණා – මනූෂ
Next articleබස් ගාස්තුව පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here