Home අද හිරුණිකා වරදකරු වෙයි – වසර 3ක සිර දඬුවමක්

හිරුණිකා වරදකරු වෙයි – වසර 3ක සිර දඬුවමක්

1177
0

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහ අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි

ඉකුත් 2016 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

Previous articleෆොන්සේකා ‌ඉවත් කිරීමට ‌සජබෙන් මෙහෙයුමක්
Next articleඅපි කුහකයෝ නෙමෙයි – සුබ ආරංචිය ගැන හර්ෂත් සතුටින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here