Home අද අපේ අය කටවල් පරිස්සම් කරගෙන ඉන්න ඕන – හරිනි අමරසූරිය

අපේ අය කටවල් පරිස්සම් කරගෙන ඉන්න ඕන – හරිනි අමරසූරිය

1550
0

ජාතික ජන බලවේගයේ පිරිස් අදහස් දැක්වීමේදී තමන්ගේ වචන ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

පෞද්ගලික නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඇය මේ අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකික ව්‍යාපාරිකයින් සමඟ මින් පෙර අවස්ථාවක පැවති වැඩසටහනකදී ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉලෝන් මස්ක් සම්බන්ධයෙන් දැක්වූ අදහස් උපුටා දක්වමින් යොමුකළ ප්‍රශ්නයකට උත්තර දෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා.

ව්‍යාපාරික හමුව අමතමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලෝන් මස්ක් වැනි ව්‍යාපාරිකයින් සමඟ ගනුදෙනු කරනුයේ රටට යහපතක් කිරීමට නොවන බව සහ “ඒ හාදයා ආර්ථික ඝාතකයකු” බවයි.

නමුත් මේ වනවිටත් ජනාධිපති සහ ඉලෝන් මස්ක් මහතා අතර ශ්‍රී ලංකාව තුල ‘Starlink’ පහසුකම ලබාදීමට පැවති සාකච්ඡා මල්ඵල ගන්වමින් ඒ සඳහා මූලික අනුමැතිය පවා හිමිව තිබෙනවා.

සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික ඝාතකයකු ලෙස හැඳින්වූ ඉලෝන් මස්ක් මහතා ලෝකය තුළම පිළිගත් ප්‍රබල ව්‍යාපාරිකයකු බවත් ඒ මහතාට එලෙස ආමන්ත්‍රණය කිරීම  බලය ලබාගැනීමට ජනතාවගෙන් ඉල්ලමින් සිටින පිළිගත් දේශපාලන පක්ෂයක විශේෂයෙන්ම එම පක්ෂයේ ආර්ථිකය ගැන වගකීමක් දරන තැනැත්තෙකුට සුදුසුදැයි නිවේදකයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

එයට පිළිතුරු ලබාදෙමින් ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය කියා සිටියේ මේ දිනවල ඔවුන්ගේ පක්ෂයේ සෑම අදහසක් සම්බන්ධයෙන්ම සමාජයේ විශාල අවධානයක් ඇති බැවින් අදහස් දැක්වීමේදී “කටවල් පරිස්සම් කරගෙන” දෙතුවන් වතාවක් සිතීමෙන් අනතුරුව අදහස් දැක්විය යුතු බවයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Previous articleශ්‍රී ලංකාව පිළිබඳ සතුටුයි – වාණිජ ණය හිමියන් සමඟත් ඉක්මණින් ඒකඟතාවට පැමිණේවි –  IMF 
Next articleෆොන්සේකා ‌ඉවත් කිරීමට ‌සජබෙන් මෙහෙයුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here