Home අද අනුරගේ ජනපති සිහිනය අවසන්.! නවතම සමීක්ෂණයේ සියලු තොරතුරු මෙන්න

අනුරගේ ජනපති සිහිනය අවසන්.! නවතම සමීක්ෂණයේ සියලු තොරතුරු මෙන්න

19694
0

ජනාධිපතිවරණ උණුසුම වැඩිවත්ම මෙතෙක් අපේක්ෂයින් පිළිබඳව මෙතෙක් පැවති රැල්ල වෙනස්වී ඇති බව මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන සමීක්ෂකයින්ගේ තොරතුරු විශ්ලේෂණය කර බැලීමේදී අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවෙත ගොස් ජනතාවගෙන් මැතිවරණය පිළිබඳ විමසා සමීක්ෂණ කරන යුටියුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වාර්තා විශ්ලේශනය කරීම තුළින් මෙම අනාවරණය සිදුකර ඇත.

ඒ අනුව මෙතෙක් ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකට තිබු රැල්ල අඩුවි ඇති බව සංඛ්‍යා දත්ත අනුව පැහැදිලිව ඔප්පුවේ. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස වැඩි වේගයෙන් ඉදිරියට එමින් සිටින බවද මෙම සංඛ්‍යා දත්ත හරහා නිරීක්ෂණය වේ.

සුදත්ත තිලකසිරි විසින් මාස තුනක් තුළ සිදුකරන ලද ආසන්නතම සමීක්ෂණ 09 පාදකකරගනිමින් මෙම විශ්ලේෂණය සිදුකර ඇත.

2024 අප්‍රෙල් 03 දා ගල්ගමුවේ සිදුකළ සමීක්ෂණය මෙසේය

2024 අප්‍රෙල් 06 දා අනුර කුමාර දිසානායන මහතාගේ ගම් ප්‍රදේශය වන තඹුත්තේගම සිදුකළ සමීක්ෂණය .

2024 අප්‍රේල් 11 දා දඹුල්ලේදී සිදුකළ සමීක්ෂණය මෙසේය

2024 අප්‍රෙල් 28 කුරුණෑගල සිදුකළ සමීක්ෂණය මේ ආකාරයෙන්ය

2024 මැයි 30 දා පාදුක්කේදී සිදුකළ සමීක්ෂණය

2024 ජුනි 01 දා හංවැල්ල සමීක්ෂණය

2024 ජුනි 16 හැටන් සිදුකළ සමීක්ෂණය

2024 ජුනි 18 යටියන්තොට සිදුකළ සමීක්ෂණය

2024 ජුනි දෙහිඔට  සිදුකළ සමීක්ෂණය

 

මෙම සියලු සමීක්ෂණ විශ්ලේෂණය කර බැලීමේදී අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ ජනතා කැමත්ත 37% සිට 16.26% දක්වා අඩුවෙමින් පවතින බව පැහැදිලිවේ.

එමෙන්ම සජිත් ප්‍රේමදාසා මහතා පිළිබඳ ජනතා කැමැත්ත 17% සිට 29% දක්වා වැඩිවී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා කැමැත්ත ආරම්භයේදී ඉතා අඩුමට්ටමක තීබී ඇති අතර එය 6% සිට 20.13% දක්වා වේගයෙන් වැඩිවී ඇත.

සමාජ මාධ්‍ය තුළ මේවනවිට ඉහළ ජනප්‍රියත්වයක් අනුර කුමාර දිසානායක හිමිකරගෙන ඇති අතර සමාජ මාධ්‍ය තුළ පවත්වන සියලු සමීක්ෂණ වලදී 70% ඉක්මවු ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. නමුත් මහපොළොවේ යථාර්ථය එය නොවන බව මෙම සමීක්ෂණයෙන් පැහැදිලිවම පෙනෙන්නට තිබේ

ඒ අනුව මේවනවිට ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා ලෙස රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රෙමදාස පත්වී ඇති අතර මෙම දෙපාර්ශවයම එකම කදවුරක් ලෙස පැවති එකම අදහස් දරන පාර්ශවයන් දෙකක් වීමද විශේෂත්වයකි.

එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න අවසන් මාස තුන මේවනවිට ආරම්භවී ඇති අතර දේශපාලන පෙරලි රැසක් මෙම කාලයේදී සිදුවීමට නියමිතය. ඒ අනුව තවදුරටත් ජනතා මතට වෙනස් වීමට ඉඩ ඇත. කෙසේවෙතත් මෙම සමීක්ෂණයෙන් ජනාධිපතිවරණයට මාස තුනකට පෙර ජනතා කැමැත්ක කුමන ආකාරයෙන් වෙනස්වී ඇතිද යන්න පිළිබඳව පැහැදිලිව අනාවරණය වේ.

 

 

Previous articleපාඨලී රාජිත ෆොන්සේකාට ඇමති ධුර?
Next articleඋරුමයට බාධා කරන නිලධාරීන් ගැන මට කියන්න – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here