Home අද ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය

ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය

2864
0

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය

Previous articleසජබ ආණ්ඩුවකින් IMF ගිවිසුම සංශෝධනය කරනවා – සජිත්
Next articleඅවදානම දැන දැනත් ජනතාවට එන්නත් දුන් ‘ෆයිසර්’ සමාගමට නඩු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here