Home අද වියපත් කලාකරුවන්ගේ මාසික දීමනාව රු 10000 කිරිමට ආණ්ඩුවෙන් පියවර

වියපත් කලාකරුවන්ගේ මාසික දීමනාව රු 10000 කිරිමට ආණ්ඩුවෙන් පියවර

4524
0

විශ්‍රාමික ජීවනාධාරයක් ලෙස වියපත් කලාකරුවන් වෙනුවෙන් මාසිකව ගෙවූ දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.

ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මාසිකව රුපියල් 7,500ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබා දුන් අතර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත්, ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රුපියල් 10,000ක් බැගින් වූ විශ්‍රාමික ජීවනාධාරයක් ලබාදෙනු ඇත.

Previous article‘අතේ’ මුල්පුටුව අහිමි වූ මෛත්‍රීපාල තායිලන්තයට
Next articleතවත් පවුල් 182,000ක් අස්වැසුමට සුදුසුකම් ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here