Home අද විශේෂ සාකච්ඡාවකට ජපාන විදේශ ඇමති දිවයිනට

විශේෂ සාකච්ඡාවකට ජපාන විදේශ ඇමති දිවයිනට

2966
0
Japan Foreign Minister Yoshimasa Hayashi

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා  දෙදින නිල සංචාරයක් සඳහා හෙට( 28දා) දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව යොෂිමාසා මහතා හෙට  සහ අනිද්දා යන දෙදින මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත අතර ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ 24 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙරටට පැමිණෙන බව ජපන් තනාපති කාර්යාලය තහවුරු කර තිබේ.

මෙම සංචාරයේ දී ජපන් විදේශ අමාත්‍යවරයා ණය ප්‍රතිව්යුහගතකරණය සහ දෙරටේ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කර ගැනීමට නියමිතව ඇත.

ජපන් විදේශ අමාත්‍යවරයා මෙරට ගත කරන කාලසීමාවේ දී ජනාධිති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ පිරිසක් හමුවීමට නියමිතය.

මේ අතර ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා මහතා ඇතුළු ධූත පිරිස අද ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇති අතර ඉන්දීය සංචාරය නිමවා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

Previous articleඉතිහාසයේ නව සටහනක් තබමින් ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් හෙට දිවයිනට
Next articleපීඩාවට පත්වු සැම වෙනුවෙන්ම සත්‍ය සෙවීමේ කොමිසමක් එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here