Home අද මෙරට හෙද හෙදියන්ට සිංගප්පූරු රජයේ රොහල්වල දොරටු ඇරෙයි

මෙරට හෙද හෙදියන්ට සිංගප්පූරු රජයේ රොහල්වල දොරටු ඇරෙයි

745
0

පළමු කණ්ඩායමට අයත් 36 දෙනෙකු මැයි 17 දිවයිනෙන් පිටත්ව යති

මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේවන විට හිමිවී තිබේ. ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත  හෙදියන්ටද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකිය.

ඒ අනුව සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කොට රැකියා ලැබූ පළමු කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී සිදු විය.

ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතුය. ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුන හමාර සහ ලක්ෂ පහ අතර ආසන්න වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය පවසයි.  රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් හිමිවන බවද බඳවා ගැනීම් සිදුකරන ආයතනය පවසා සිටී.

සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා ගාස්තුවකින් තොරව ප්‍රවේෂවීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා www.emeraldislemanpower.com යන වෙබ් අඩවියට පිවිසීම මගින් අයදුම් කළ හැකියි.

Previous articleපොහොට්ටුව උවමනාවෙන්ම ජනතාව දුප්පත් ක‌ළා – කබීර් හෂීම්
Next articleකොළඹට ත්‍රිවිධ හමුදාව දැම්මේ පෙර පුහුණුවකට – යුද හමුදා මුලස්ථානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here