Home අද රුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

1055
0
මේ වසරේ මුල සිට අප්‍රේල් 28 වැනිදා දක්වා ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 12.9කින් ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.
ගිය වසරේ (2022) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.8කින් පිරිහීමට ලක්ව තිබුණි.
මේ වසරේ අප්‍රේල් 28 වැනිදා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව පමණක් නොව, තවත් ප්‍රධාන ව්‍යවහාර මුදල් වර්ග ගණනාවකට සාපේක්‍ෂව ද ශක්තිමත් වී තිබේ.
මේ අනුව අදාළ කාලයේ දී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 9.1 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 8.8කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 14.2කින ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 15.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 11.4කින් ද ශක්තිමත් වී ඇත.
මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
Previous articleආදායමට වඩා තුන්ගුණයක් පඩි – අතිකාල ගෙවන දුම්රිය
Next articleශ්‍රී ලංකාව සංචාරය කිරිමට වඩාත් ආරක්ෂිතම රටක් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here