Home අද A/L දවස් වලට විදුලිය නොකපා ඉන්න දැඩි උත්සාහයක් ගන්නවා

A/L දවස් වලට විදුලිය නොකපා ඉන්න දැඩි උත්සාහයක් ගන්නවා

682
0

උසස් පෙළ සමයේ විදුලිය නොකපා සිටීමට දැඩි උත්සාහයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

උසස්පෙළ සමයේ විදුලි කප්පදුවක් නොකිරීමට කටයුතු කරන්නේදැයි අද පාර්ලිමේන්තුවෙඩි විමල් වීරවංශ මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

විදුලිය නොකපා සිටීමට නම් ඉන්ධන මත ක්‍රියාත්මක විදුලි බලාගාර ක්‍රියාත්මක කිරිමට සිදුවෙනු ඇති බවත් ඒ අනුව ඒකකයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 90කට බවත් කංචන විජේසේකර මහතා පැවැසීය.

ලංවිමට ඉන්ධන බලාගර ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගෙන බවත් සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබා ගතහොත් එය ඛනිජ තෙල් සංස්ථාවට අහිතකරව බලපානු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Previous articleනීතිවිද්‍යාලයේ විභාග පැවැත්වීම පෙර පරිදිම   කරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි
Next article“ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ් නිසා අනාගතය හොඳ වෙනවා” – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here