Home අද දේශගුණික සෞභාග්‍ය සැලැස්මට බ්‍රිතාන්‍ය සහය

දේශගුණික සෞභාග්‍ය සැලැස්මට බ්‍රිතාන්‍ය සහය

580
0

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සහය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) මහත්මිය පැවසුවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිකිරිමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපරීම සහයෝගය ලබාදිමට කටයුතු කරන බව ද ලීසා වැන්ස්ටාල් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

Previous articleනිගන්ටයින්ට බය නෑ – එකම අරමුණ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම – ආනන්ද හිමි
Next articleවිදුලිබල මණ්ඩලය නිසා කංචන චම්පික පැටලෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here