Home අද ගෝඨාභට අරගලයේ දී වුනෙත් මට පාස්කු ප්‍රහාරයේ දී වෙච්ච දේමයි –...

ගෝඨාභට අරගලයේ දී වුනෙත් මට පාස්කු ප්‍රහාරයේ දී වෙච්ච දේමයි – මෛත්‍රීපාල

636
0

පාස්කු ප්‍රහාරයේ දී සහ අරගලයේ දී තමාට සහ ගෝඨාභය රාජපක්ෂට වූයේ එකම දේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ, ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින්.

එම සිද්ධි දෙකේ දී ම ආරක්ෂක අංශ විසින් නිසි තොරතුරු ලබා දී තමා මෙන්ම ගෝඨාභය රාජපක්ෂව ද දැනුම්වත් නොකළ බව යි මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් කඩදාසි හුවමාරු කිරීම විනා තමාට එක් දුරකතන ඇමතුමක් හෝ ලබා දී ඒ ගැන දැනුම් නො දුන් බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

එසේ කර පාස්කු ප්‍රහාරයේ වගකීම තමා මත පැටවූ බව යි ඔහු සඳහන් කරන්නේ.

ජූලි 9 වැනි දා ද අරගළය සඳහා කොළඹට එන්නේ පුරවැසියන් 25,000ක් පමණ බව බුද්ධි අංශ විසින් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමත් එවැනි ම අක්‍රමවත් තත්ත්වයක් බවත් මත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

නමුත් නොසිතූ පරිදි කොළඹට පුරවැසියන් ලක්ෂ 4ක් පමණ පැමිණි බවත් ඔවුන් ජල හා කඳුළු ගෑස් මත නවතාලිය නො හැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

Previous articleඅගමැතිකම ගන්න මල් වට්ටියක් අරන් රාජපක්ෂ වන්දනාවේ ගියේ නෑ – සජිත්
Next articleපෙළපාලියක් අවහිර කරන්න බාධක දැමූ පොලිසියේ දෙදෙනෙකුගේ නඩුවට වෙච්ච දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here