Home අද ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ

ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ

548
0

“ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ.  පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා” යැයි නිදහස් පක්ෂයේ මතුව තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට  මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. එමෙන්ම තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ද එහිදී ප්‍රකාශ කළහ.  

ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 09 දෙනෙකු කොළඹදී මෙම  විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – “මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ ගැන. ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ”

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර – “හිටං හුටං කිව්වේ දයාසිරි. එහෙම කියපු අය ලේකම් කරලා පක්ෂය විනාශ කළා. පක්ෂයේ සභාපති ඇමතිකම් ගැන ඇහුවේ දයාසිරිලා, ශාන්ලා සාකච්ඡාවට ගියේ. මහවැලි ඇමතිකම බලාපොරොත්තු වුණා. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති යටතේ තියාගත්තා. මහවැලියේ වැලි කපන්නද දන්නේ නැහැ. තවත් කෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලුවා. නොලැබුණු නිසා දැන් හිතේ අමාරුවෙන් ඉන්නේ. මේ අයගේ පැටිකිරියේ ඉතුරු ටික හෙට කියනවා.”

දුමින්ද දිසානායක – “දින 52 ආණ්ඩුවේ අපි කවුරුත් දන්නේ නැතිව.. මහින්ද මහත්තයා අගමැති කළා. එදා මහින්ද මහත්තයා හොඳයි. අපිටත් පක්ෂය ඇතුළේ තිබෙන අර්බුදය තමා අවුල.”

ප්‍රශ්න – “ඔබතුමා වගකීමෙන් කියනවද, ඔබතුමා ආණ්ඩුවට එකතුවෙන්න හදන්නේ ඇමති ධුරයක් ගන්න නොවෙයි කියලා ?”

“වගකීමක් භාර දුන්නොත් මම ඒක ඉටු කරනවා. 225ටම වගකීම් භාරදෙන්න”

ප්‍රශ්න – “ඔබතුමන්ලාගේ ඒකායන බලාපොරොත්තුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්ක කටයුතු කිරීමද ?”

“පැහැදිලිව නැහැ. අවශ්‍ය හරි දේ සිදු කිරීම මිස නායකයින් පසුපස යාම නොවෙයි.”

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, “පළමු 11 දෙනාගේ කණ්ඩායමනේ මේ ඉන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ”

ප්‍රශ්න – “දැන් මේ ටීම් එක දාලා ගස්සන්න පුළුවන්ද ?”

“පුළුවන්.. පුළුවන් මොනවද කියන්නේ, හොඳ බැට්ස්මන්ලා ඉන්නවා, බෝලර්ස්ලා ඉන්නවා.”

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, “ඔය දෙන්නට පුළුවන්නම් කියන්නකෝ කුරුණෑගල එක ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්වන්න කියලා, ටැංකිවල ඉන්නවා ටැංකි සුද්ධකරන මාළුවෙක්. ටැංකි සුදා කියලා කියන්නේ, ඒ වගේම තමයි ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සුදා සුද්ධ කරනවා. ACCOUNT එකත් එක්කම. ඒ ඔක්කොම සුද්ධ කරලා ටැංකි සුදා පක්ෂයත් සුද්ධ කරලා ඉවර කරන්න තමයි දැන් හදන්නේ. නයා මැරුණම අහිකුණ්ඨකයාට සෙනඟ එන්නේ නෑනේ, නයා නටවනකොටනේ සෙනඟ එන්නේ, මෙතන නයි ටික ඉන්නවා අහිකුණ්ඨකයෝ එතන ඉන්නවා.”

Previous articleවසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදී අරගලකරුවන් දෙදෙනෙක්
Next articleලබන වසරේ සිට අධ්‍යාපනය  නව්‍යකරණය කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here