Home අද ලබන වසරේ සිට අධ්‍යාපනය  නව්‍යකරණය කරනවා

ලබන වසරේ සිට අධ්‍යාපනය  නව්‍යකරණය කරනවා

645
0

අධ්‍යාපනය නව්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය ලබන වසරේ සිට ආරම්භකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ යටතේ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් කරන බවත් ක්‍රියාකරකම් මත පදනම්ව ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම පළමු වසරේ සිට ආරම්භකරන බවද අමාත්‍යවරයා කීවේය.

“අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය ලබන ජනවාරියේ සිට ආරම්භ කරනවා. ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාකාරකම් මත පදනම්ව ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ වැඩපිළිවෙල ආරම්භකරනවා. ඒ යටතේ පළමු වසරේ සිට ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භකරනවා. ලබන වසරේ සිට අපිට එය ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි. ඒවගේම මේවසරේදී විෂයමාලා අවසන් කිරීමටත් යාවත් කාලීන කිරීමටත් කටයුතු කරනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

Previous articleගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ
Next articleඅගමැතිකම ගන්න මල් වට්ටියක් අරන් රාජපක්ෂ වන්දනාවේ ගියේ නෑ – සජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here