Home අද පෙළපාලියක් අවහිර කරන්න බාධක දැමූ පොලිසියේ දෙදෙනෙකුගේ නඩුවට වෙච්ච දේ

පෙළපාලියක් අවහිර කරන්න බාධක දැමූ පොලිසියේ දෙදෙනෙකුගේ නඩුවට වෙච්ච දේ

578
0

සාමකාමී පෙළපාලියක් අවහිර කිරීම සඳහා මාර්ග බාධක යෙදීම තුළ අයුතු අවහිරය හා ජාතික මංමාවත් පණත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු පෞද්ගලික පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ජනමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන තරිඳු ජයවර්ධන විසින්, ඉකුත් ඔක්තෝබර් මස 10 වනදා ගාලුමුවදොර පැවැත්වූ සාමකාමි පෙළපාලියක් අවහිර කිරීමට මාර්ග බාධක යෙදීම තුළ දණ්ඩ නීති සංග්‍රහයේ අයුතු අවහිරය සහ ජාතික මංමාවත් පණත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්ට එරෙහිව මෙම පෞද්ගලික පැමිණිල්ල ගොනුකර තිබුනා..

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු අධ්‍යයනයෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම නීති කෘත්‍යය විභාගයට ගැනීමෙන් තොරව මුල් අවස්ථාවේදිම නිෂ්ප්‍රභ කරන බවය.

Previous articleගෝඨාභට අරගලයේ දී වුනෙත් මට පාස්කු ප්‍රහාරයේ දී වෙච්ච දේමයි – මෛත්‍රීපාල
Next articleගල් අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් වඩා කාර්යක්ෂම වේවි – කාංචන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here