Home අද අධිකරණ නියෝග නොතකා වෙනිසියුලානු ජාතිකයින් පිටුවහල් කරයි !

අධිකරණ නියෝග නොතකා වෙනිසියුලානු ජාතිකයින් පිටුවහල් කරයි !

23
0

අධිකරණ නියෝගය නොතකා ඇමරිකාව සිය ගණනක් වෙනිසියුලා ජාතිකයන් පිටුවහල් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අපරාධ කල්ලි සාමාජිකයන් යැයි චෝදනා ලැබූ වෙනිසියුලානු ජාතිකයන් 200 කට වැඩි පිරිසක් මෙලෙස ඇමරිකාවේ සිට එල් සැල්වදෝරයේ බන්ධනාගාරයකට පිටුවහල් කර තිබේ.

ඇමෙරිකානු අධිකරණය මෙම ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර තිබුණද එය නොතකා මෙම පියවර ගෙන තිබෙන බව විදෙස් වාර්තා දක්වයි.

එල් සැල්වදෝර ජනාධිපති නයිබ් බුකෙල් සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලානු අපරාධ කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් 238 දෙනෙකු ඉරිදා උදෑසන තම රටට එවා ඇති බවයි. එමෙන්ම MS-13 කල්ලියේ සාමාජිකයින් 23 දෙනෙකු ද ඒ අතර සිටින බව වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් රැඳවියන්ගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති අතර, ඔවුන්ගේ විස්තර ද ලබා දී නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා තිබේ

Previous articleදේශබන්දුගේ පෙත්සම විසිවෙයි : වහාම අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙනුත් නියෝගයක් !
Next articleසැලසුම් කළ පරිදි සෞඛ්‍ය වර්ජනය හෙට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here