Home අද රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සෞඛ්‍ය සේවා අඩපණ කරනවා නම් ජනතාවගේ පැත්තේ සිට...

රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සෞඛ්‍ය සේවා අඩපණ කරනවා නම් ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ – සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද!

48
0

රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ඉදිරියේදී යමෙක් සෞඛ්‍ය සේවා අඩපණ කරනවා නම් ඊට එරෙහිව ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගැනීමට රජය පැකිලෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ තත්ත්වය සෞඛ්‍ය වෘත්තිය සමිති හොඳින් තේරුම් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ ඇමතිවරයා අද තිබෙන්නේ කලින් තිබුණ ආණ්ඩුව වගේ ආණ්ඩුවක් වත් කලින් සිටි ඇමතිවරු වගේ ඇමතිවරුවත් නොවන බව අවධාරණය කළේය.

ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට එක් වෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ අහිංසක රෝගී ජනතාව ප්‍රාණ ඇපයට තබා ගැනීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ දිය නොහැකි බවයි.

“මේ රටේ ලක්ෂ එකහමාරක පමණ සෞඛ්‍ය බලඇණියක් සිටිනවා. ඔබ විශාල කාර්යභාරයක් උර මත දරාගෙන ඉන්න අය. ඔබගේ සේවාව රටට අවශ්‍යයි. ඒ නිසා ඔබගේ ඕ.පී.ඩී එකට වෝඩ් එකට ක්ලිනික් එකට දුෂ්කරතාවයන් සමග පැමිණෙන රෝගී පුරවැසියන් වෙනුවෙන් ඉහළම සත්කාරය ලබා ලබාදෙන එක සෞඛ්‍ය වෘත්තියේ යෙදෙන අයගේ වගකීමක් වෙනවා.

අද තිබෙන්නේ කලින් තිබුන ආණ්ඩු වගේ ආණ්ඩුවක් නෙවෙයි. කලින් හිටපු ඇමැතිවරුන් වගේ නොවෙයි. ඒ නිසා ඔබට ඕනෑම දෙයක් අපිත් සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සාකච්ඡා වලට ජනතාවගේ පැත්තේ සිටගෙන සහයෝගයක් ලබා දීමට අපට පුළුවන්. නමුත් රෝගීන් ඇපයට තබා රෝගීන් අපහසුතාවයට පත්වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ ඉඳගෙන තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව පැකිලෙන්නේ නැහැ”

යැයි සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතාව වැඩිදුරටත් පැවසීය.

Previous articleරට කැළඹූ වැලිගම W 15 හෝටලයේ වෙඩි තැබීම : සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට හේතු හෙළිවෙයි !
Next articleදිවුලන්කඩවල සංගීත ප්‍රසංගයේ හානි සිදුකිරීමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here