Home අද තැපැල් සේවකයින් අද සවස 04.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක්!

තැපැල් සේවකයින් අද සවස 04.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක්!

79
0

ඉල්ලීම් රැසක් මුල් කරගෙන රට පුරා තැපැල් සේවකයින් අද (16) සවස 04 සිට ලබන 18 දින තෙක් පැය 48 ක වැඩ වර්ජනයක් කැඳවා ඇත.

වැඩ වර්ජනය ක්‍රියාත්මක පැය 48 ඇතුළත සිය ඉල්ලීම්වලට ස්ථිර විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකලොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු 7500 ට අධික සේවයක පුරප්පාඩු හේතුවෙන් අවම සේවා කටයුතු වත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි වෘත්තිය සමිති පෙන්වා දෙති.

පවතින සේවක හිගය හිඟය නිසා රටේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදාහැරීම දින දෙකකට වරක් සිදුකිරීමට තැපැල් දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි වෘත්තිය සමිති නායකයෝ කිහිප දෙනෙක් පැවසූහ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සේවක පුරප්පාඩු ඇතුළු සෙසු ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන බවට ප්‍රතිඥා ලබා දුන්නද මේ වන තෙක් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක්වත් ලැබී නැති බව එම වෘත්තිය සමිති නායකයෝ වැඩිදුරටත් පැවසූහ.

Previous articleවිජය ඝාතනය ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තා තුනක් නුදුරේදී පාර්ලිමේන්තුවට – මන්ත්‍රී චාමර සම්පත්!
Next articleබටලන්ද විවාදය අප්‍රේල්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here