Home අද විජය ඝාතනය ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තා තුනක් නුදුරේදී පාර්ලිමේන්තුවට – මන්ත්‍රී චාමර...

විජය ඝාතනය ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තා තුනක් නුදුරේදී පාර්ලිමේන්තුවට – මන්ත්‍රී චාමර සම්පත්!

142
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කලා සේ, තවත් ප්‍රධාන කොමිෂන් සභා තුනක වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඒ අනුව විජය කුමාරතුංග ඝාතන පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තා තුනක් නුදුරේදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමා කටයුතු කරන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

රටේ භීෂණය පැවති 1989 කාල වකවානුව තුළ පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු 16 සහ පාක්ෂිකයන් 6300 පමණ ඝාතනය කළ බව පවසන චාමර සම්පත් දසනායක මහතා ඒ සම්බන්ධයෙන්ද කොමිෂන් සභා කැඳවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

1989 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී තමන් නියෝජනය කරන ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක ඡන්ද පෙට්ටි හතළිස් දෙකක් තුළ කිසිදු ඡන්දයක් නොතිබූ බවත් එදා එම ඡන්ද පෙට්ටිවලට ඡන්දය වැටුනේ නම් මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක වීමට ඉඩ තිබූ බව ඔහු පවසයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කලා සේ මෙවැනි කරුණු සම්බන්ධයෙන්ද කොමිෂන් සභා පත්කර අසාධාරණයට ලක් වූ අය වෙනුවෙන් සාධාරණය ඉටුකරදීමට කටයුතු කළ යුතු බව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleඅගමැති මෝදි අප්‍රේල් එනවා : සාම්පූර් බලාගාරයේ වැඩ අරඹයි : එදා විරුද්ධ වූ ජවිපෙ අසරණයි !
Next articleතැපැල් සේවකයින් අද සවස 04.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here