Home අද අගමැති මෝදි අප්‍රේල් එනවා : සාම්පූර් බලාගාරයේ වැඩ අරඹයි : එදා විරුද්ධ...

අගමැති මෝදි අප්‍රේල් එනවා : සාම්පූර් බලාගාරයේ වැඩ අරඹයි : එදා විරුද්ධ වූ ජවිපෙ අසරණයි !

62
0

අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන බවත්, ඒ සමඟ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය ඇරඹෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

එම සංචාරයේදී දෙරට අතර තවත් අවබෝධයක් ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට සූදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  (15) පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු අමාත්‍ය වැය ශීර්ෂයේදී අදහස් පළ කරමිනි.

කෙසේ වුවත් පසුගිය සමයේ සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු එම කඳවුර දැඩි විරෝධයක් දැක්වූ අතර ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගනු ලැබීය.

එහෙත් ආණ්ඩු බලය ලැබීමෙන් පසුව ඒ පිළිබඳව කිසිඳු සඳහනක් නොමැත.

Previous articleඅනුරගේ ආණ්ඩුවට විරුද්ධව කාදිනල් පාරට බහින්න සැරසෙයි.!
Next articleවිජය ඝාතනය ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තා තුනක් නුදුරේදී පාර්ලිමේන්තුවට – මන්ත්‍රී චාමර සම්පත්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here