යුක්‍රේනය සමග සටන් විරාමයක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම කොන්දේසි ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්‍රේනය සමග සටන් විරාමයක් සඳහා එළඹීම සම්බන්ධයෙන් වන අදහසට තමා එකඟ බව රුසියා ජනාධිපතිවරයා පවසා තිබෙන බවත් එහිදී තිරසාර සාමයක් ඇති කිරීම මෙන්ම යුක්‍රේනය සමග යුධ ගැටුමක් ඇති කිරීමට හේතු වූ කරුණු සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව රුසියා ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවත් වාර්තා කර තිබේ.
කෙසේ වුවද සටන් විරාමයේ ස්වභාවය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පාර්ශ්වයකට අදහසක් නොමැති බව විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර දින 30 ක සටන් විරාමයක් සඳහා පමණක් රුසියා ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇති බවද පෙන්වා දී තිබේ.