Home අද චතුරංගගේ මොළයෙන් වැඩක් ගමු.! VAT බදු අඩු කරන සුපිරි ක්‍රමයක් ගිය අවුරුද්දේ...

චතුරංගගේ මොළයෙන් වැඩක් ගමු.! VAT බදු අඩු කරන සුපිරි ක්‍රමයක් ගිය අවුරුද්දේ කියලා. තාම කරලා නෑ!

269
0

” සීනි බදු වංචාවේ බිලියන 79 අය කරා නම් සමපෝෂ , දියර කිරි , තාක්ෂණික යෙදවුම් වලට vat නැති කරන්න තිබ්බා.. ඔස්තාර්ට නැති යෝජනා ” මැයෙන් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ තැබූ ෆේස්බුක් සටහනක් කෙරෙහි සමාජ මාධ්‍ය අවධානය යොමුව තිබේ.



නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මෙම සටහන තබා ඇත්තේ 2024 ජනවාරි 04 වන අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරමින් සිටින්නේ, ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩු බලය ලබා මාස 4ක් ඉක්මගොස් ඇතත්, එවකට සිදුකළ මේ යෝජනා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධවය.

මේ වන විට ජනතාවට සහන සැලසීමට හැකි බව පෙන්වා දෙමින්, එවකට පැවති ආණ්ඩු විවේචනය කරමින් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ තැබූ ෆේස්බුක් සටහන් රැසක් මතුකර දක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් ඇතත් ඔහු ඊට කිසිඳු ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනෙන්නට නැත.

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ , ප්‍රායෝගික තත්ත්වය හෝ හැකියාව සම්බන්ධව කිසිඳු තක්සේරුවක් නොමැතිව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මෙකී සටහන් තබා ඇත්තේ එවකට ආණ්ඩුව සම්බන්ධව ජනතා කෝපය ඇවිස්සීමට සහ එය දේශපාලන වාසියක් බවට පෙරලා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

Previous articleඅලුත් ලැයිස්තුවෙන් බිමල් ඇනගෙන – මහින්ද සුද්ද වෙලා : සම්පූර්ණ නිවේදනය මෙන්න !
Next articleමේ විශේෂ දැනුම්දීම සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ටයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here