Home අද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2,100 ක් අනිවාර්ය නිවාඩු යවයි !

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2,100 ක් අනිවාර්ය නිවාඩු යවයි !

18
0

ඇමෙරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහි ශ්‍රම බලකායෙන් අඩක් කපා හැරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආන්ඩුවේ තනතුරු කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටින අතර ඒ යටතේ එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් අඩක් පමණ කපා හැරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එළඹෙන මාර්තු 21 වනදා සිට 2,100 කට ආසන්න පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට නම් කොන්ග්‍රස මණ්ඩල අනුමැතිය අවශ්‍ය වන බවද විදෙස් මාධ්‍ය පෙක්වා දෙයි.

ඩොලර් බිලියන 238ක වාර්ෂික වැය බරක් ඇති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 4,000 කට වඩා සේවය කරන අතර 1979 දී පිහිටුවන ලද එය රජයේ පාසල් සඳහා අරමුදල් අධීක්ෂණය ඇතුළු කටයුතු සිදු කිරීමෙහි නිරත වෙයි.

Previous articleතැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ !
Next articleශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකටත් ගුවනේදීම කරදරයක් : සැකකරු අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here