Home අද අනාගත පොල් පරිභෝජනය සැපිරීමට ගම්පහ රාජ්‍ය ආයතනවලට පොල්පැල 1000 ක් !

අනාගත පොල් පරිභෝජනය සැපිරීමට ගම්පහ රාජ්‍ය ආයතනවලට පොල්පැල 1000 ක් !

20
0

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ පොල් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය ආයතන සතු ඉඩම්වල උපරිම භූමි පරිභෝජනය තහවුරු කිරීම හා අනාගත පොල් පරිභෝජනය සපුරා ගැනීම සඳහා දායකත්වයක් ලබාගැනීම වෙනුවෙන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා කළ ඉල්ලීමට අනුව පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පළමු අදියර යටතේ පොල් පැළ 750ක් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පොල් පැල 100ක් ද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිශ්‍රවල ඉඩ පහසුකම් අනුව ඉතුරු පොල් පැළ 650 වගා කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

රෝපණය කරන සියලුම පැළ ආරක්ෂා කිරීම හා රැක බලාගැනීම තහවුරු කරන ලෙසත් අප්‍රේල් මස 10වනදාට පෙර සියලුම පැළ රෝපණය කිරීමේ කටයුතු අවසන් කළ යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙන බවද සඳහන් වේ

Previous articleවෛද්‍යවරියව ලිංගික හිංසනයට ලක්කළ සැකකරු අල්ලයි
Next articleඅදානි ඉදිරියේ ආණ්ඩුව දණ ගහන ලකුණු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here