Home අද වෛද්‍යවරියව ලිංගික හිංසනයට ලක්කළ සැකකරු අල්ලයි

වෛද්‍යවරියව ලිංගික හිංසනයට ලක්කළ සැකකරු අල්ලයි

17
0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී ලිංගික හිංසනයට ලක්කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සැකකරු අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Previous articleමගීන් සියයකට අධික පිරිසක් සමඟ දුම්රියක් පැහැර ගනී !
Next articleඅනාගත පොල් පරිභෝජනය සැපිරීමට ගම්පහ රාජ්‍ය ආයතනවලට පොල්පැල 1000 ක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here