Home අද මාලිමාවේ හොරාචාර්‍ය ළමා ආරක්ෂක අධිකාරිය මඟහැර මිසිං!

මාලිමාවේ හොරාචාර්‍ය ළමා ආරක්ෂක අධිකාරිය මඟහැර මිසිං!

293
0

ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රබලයෙකු වන සහ උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස පෙනීසිටි යෝෂිත හෙට්ටිආරච්චි යන අය සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇත.

එම සිදුවීම මෙන්ම ඔහු සිය පන්ති කාමරය තුළදී තවත් සිසුන්නට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවන් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව සිසුන්ට පහරදුන් එම තැනැත්තාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ (11) ප.ව. 2.00 ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

මේ සම්බන්ධව වන පැමිණිල්ල පසුගියදා ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවේදි නිරාෂාන් විතානගේ ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබිණ.

එහිදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් සිදුකර සඳහන් කර තිබුණේ මෙම යෝෂිත හෙට්ටිආරච්චි නම් තැනැත්තා සිය අධ්‍යාපන සුදුසුකම් දක්වන ලේඛනද කූඨ ලේඛන බවට සැකසංකා තිබෙන බවයි. විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එකී ලේඛන වල සාවද්‍ය බවට ලිඛිතව දැනුම්දී ඇති බව දැක්වෙන ලේඛන ද ඔවුන් ඉදිරිපත් කර තිබිණ .

තවත්  හොර ආචාරියෙක් : හරිනිටත් ගැලවිල්ලක් නෑ : මාලිමාවේ යෝෂිත හොරාචාරියාට විරුද්ධව පැමිණිලි 2ක් !

Previous articleපොලීසිය, පොලිස්පතිව හිටපු පොලිස් ඇමතිගේ ගෙදර බැලුවේ නැද්ද? – නලින්දට උත්තර නැති වුන ප්‍රශ්නය
Next articleවෛද්‍යවරුන් වැඩ වර්ජනයක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here