Home අද පොලීසිය, පොලිස්පතිව හිටපු පොලිස් ඇමතිගේ ගෙදර බැලුවේ නැද්ද? – නලින්දට උත්තර නැති...

පොලීසිය, පොලිස්පතිව හිටපු පොලිස් ඇමතිගේ ගෙදර බැලුවේ නැද්ද? – නලින්දට උත්තර නැති වුන ප්‍රශ්නය

386
0

අධිකරණ නියෝගය කඩ කරමින් සැඟව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක තද බැඳීමක් ඇති ටිරාන් අලස්ගේ නිවස පරීක්ෂා කලාද යන්න අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ඇමතිවරයා ගෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම හමුවේ ඔහු දැඩි අසරණ තත්ත්වයට පත් විය.

අදට දින දොළහක් තිස්සේ පොලිසියට පොලිස්පති සොයා ගැනීමට නොහැකි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ ආණ්ඩුව සහ පැවති ආණ්ඩු අතර කිසිදු වෙනසක් නැති බව රටටම තහවුරු තහවුරු කරමින්ය.

මාලිමා ආණ්ඩුව යටතේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර සහෝදරයාගේ සිට පහළම සාමාජිකයා දක්වා ප්‍රකාශ කළද එය එසේ නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද මාධ්‍ය හමුවේ හැසිරුණ ආකාරය දෙස බලන ඕනෑම අයෙකුට අවබෝධ කරගැනීමට අපහසු නැත.

ඒ නිසාම අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැඟුව ප්‍රශ්න සහ ඒවාට අමාත්‍ය නලින්ද ජයතිස්ස ලබා දුන් පිළිතුරු ඒ ආකාරයෙන්ම පහතින් දැක්වීමට අප අදහස් කළෙමු.

මාධ්‍ය…….

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී අදට දින 12ක් ගතවෙනවා. තවමත් ඔහුගේ වැඩ තහනම් කිරීමට හෝ අනිවාර්ය නිවාඩු යැවීම කළේ නැහැ. ඇයි එහෙම වෙන්නේ …?

සුනිල් වටගල ඇමතිවරයා කියනවා දේශබන්දු ඉන්න තැන දන්නවා කියලා ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ අනෙක සමාජයේ මතයක් තියෙනවා ටිරාන් අලස් එක්ක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තද බැඳීමක් තියෙනවා කියලා ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීමවෙන්නේ නෑ කියලා චම්පික රණවක ප්‍රසිද්ධියේ කිව්වා ඒ ගැන යමක් කිව හැකිද…?
අනෙක ජනතාව අතර මතයක් තිබෙනවා දේශබන්දු ඉන්නේ ටිරාන්ගේ ගෙදර කියලා ඒ නිවස පරීක්ෂාවට ලක් කර තිබෙනවා ………?

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා…..

ඒවා පරීක්ෂා කරාවි ආණ්ඩුවේ අරමුණ එයා අත්අඩංගුවට ගැනීම තවම ඔහුව හම්බවෙලා නෑ. අපටත් අවශ්‍ය අපේ පොලිසිය හා බුද්ධි අංශ කාර්යයක්ෂමව වැඩ කරලා මේ අය අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කිරීමයි.

දේශබන්දු විතරක් නෙවෙයි. තව නම දන්න සහ නොදන්න අය ගැන පොලිසිය සොයමින් ඉන්නවා. සමහර අය ගැන සාකච්ඡා වෙන්නේ නෑ ඒ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියාවලියක් දියත් වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධව පොලිසියේ තියෙන උපරිම හැකියාව හා තාක්ෂණය ඇතුළු සියල්ල උපයෝගී කරගන්නවා.

මාධ්‍ය…….

ඔබතුමා අපි ඇහුවා ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ. දේශබන්දු වැඩ තහනම් කිරීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධව අවධානය යොමු වෙලා තියෙනවද..? ඒ සම්බන්ධව සාකච්ඡා කර තියෙනවාද ….? නිශ්චිතව ඔබතුමාට තොරතුරු තිබෙනවා ද ටිරාන් අලස් මහතාගේ ගෙදර පරීක්ෂාවට ලක්කලා කියලා…..? ඒ වගේම තවත් ප්‍රචාරයක් යනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට වෙස් වලාගෙන ඔහුට උදව් කරන පන්සලක ඉන්නවා කියලා. එහෙම තැන් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා කියලා ඔබතුමා දැනුවත්ද……?

මාධ්‍ය ප්‍රකාශක….

පුරවැසියන් සහ මාධ්‍යවේදීන් විදිහට ඔබට තොරතුරු තියෙනවා නම් ඉදිරිපත් කරන්න දැනට එකම දේ තියෙන්නේ දේශබන්දු වෙනුවෙන් ලංසුවක් තියලා නෑ. නමුත් සෙව්වන්දි ගැන කිව්වොත් ඔත්තුවට තෑග්ගක් හරි හම්බවෙනවා. පොලිසියට තොරතුරු ලබාදීම මහජනතාව සහ මාධ්‍යවේදීන් හැටියට ඔබේ වගකීමක් යුතුකමක් දන්න කියන තැන් සම්බන්ධව පොලිසිය දිවා රෑ නොබලා සර්ච් කරමින් ඉන්නේ අපි හිතනවා කොයි වෙලාවක හරි අත්අඩංගුවට ගනීවි කියලා.

මාධ්‍ය…..

එතකොට දේශපන්දුගේ වැඩ තහනම….?

මාධ්‍ය ප්‍රකාශක….

වැඩ තහනම ගැන සාකච්ඡාවක් ආවේ නෑ.

මාධ්‍ය…..

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත යොමු කරලා තියෙනවා ඔහුගේ වැඩ තහනමක් හෝ අනිවාර්යය නිවාඩු යෑම දවස් හතරකට හෝ පහකට කලින්.

මාධ්‍ය ප්‍රකාශක….

මට ඒ ගැන නිසි අදහසක් නැහැ.

මාධ්‍ය….

සුනිල් වටගල සඳහන් කලා ඉරිදා වනතෙක් දේශබන්දුට කල් දීලා තියෙනවා කියලා බාර වෙන්න. එහෙම කල්දීලා තියෙනවා කියන්නේ රජය සමඟ යම් එකඟතාවයකට ඇවිත් තියෙනවාද….? ඔහුට නඩු යන්න කාලයක් දීලා තියෙනවාද….?

මාධ්‍ය ප්‍රකාශක…..

නෑ කිසිම කල්දීමක් නෑ. මම දන්නේ නෑ. ඒ් ප්‍රකාශයේ අදහස මොකක්ද කියල පොලිස් කණ්ඩායම් ගණනාවක් යොදවා තියෙනවා ඔහු යන එන තැන් පරීක්ෂා කරන්න.

මාධ්‍ය…..

පොලිස්පතිවරයා ගැන පමණක් නොවේ තව හත්දෙනෙක් සම්බන්ධවත් අධිකරණය තීන්දුවක් දී තිබෙනවා. ඒ හත්දෙනාගෙන් එක් අයෙක්වත් තවම අත්අඩංගුවට ගෙන නැහැ. එහෙම වෙන්නේ කොහොමද……?

මාධ්‍ය ප්‍රකාශක…

දැනට අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ අත්අඩංගුවට ගත්තු ගමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා ඔබට කියන්නම්.

Previous articleඅපරාධකරුවන් ආරක්ෂා කරන්නන්ටත් වැඩ වරදියි !
Next articleමාලිමාවේ හොරාචාර්‍ය ළමා ආරක්ෂක අධිකාරිය මඟහැර මිසිං!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here